ජංගම දුරකථන හරහා යවන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මගින් යවන කෙටිපණිවුඩ සඳහාද බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් රාජ ඇමති රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.
මෙම බදු අය කරන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ පියවරක් ලෙස බවද ඔහු පැවසීය.