අර්ජුන කලකිරී කැනඩාවට ක‍්‍රිකට් පුරුදු කරන්න යයි

තමන් කැනඩාවේ ක්‍රිකට් පුහුණු පාසලක් සඳහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තම සේවය අනවශ්‍ය නම් බවට පෙන්නුම් කරන නිසා තමන් මෙම තීන්දුව ගත් බවද හෙතෙම පැවසීය.

හිටපු අමාත්‍යවරයා තමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කළ ද පැය 24 ක් ඇතුළත එළියට දැමීමට කටයුතු කරන ලද බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනාහිමිවරුන් බැහැ දැකීමට මහනුවර අස්ගිරි මල්වතු විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *