කාන්තා ප්‍රිමියර් ලීග් 2024 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරාගැනීම වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ක්‍රීඩක වෙන්දේසියේ පළමු අදියරේදී වැඩිම මිලකට අලෙවි වෙනු ඇතැයි අනුමාන කළ චමරි අතපත්තු වෙනුවෙන් කිසිඳු කණ්ඩායමක් ලංසු නොතැබීම විමතියට කරුණක් බව වෙන්දේසියෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිණී චාර්ලට් එඩ්වර්ඩ්ස් ප්‍රකාශ කළාය.
චමරිගේ මට්ටමේ විස්සයි විස්ස පිතිකාරිණියක් සඳහා වෙන්දේසියේදී ඉහළම ලංසුවක් හිමි වනු ඇතැයි තමන් විශ්වාස කළ බවත් චාර්ලට් එඩ්වර්ඩ්ස් ප්‍රකාශ කළාය.
ලෝක කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්හි අංක 7 පසුවන පිතිකාරිණිය වන චමරි පසුගියදා නිමාවට පත් වූ කාන්තා බිග් බෑශ් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයද දිනා ගත්තාය.
කෙසේවෙතත් මෙම වසරේ (2023) පැවැත්වූ කාන්තා ප්‍රිමියර් ලීගයේදීත් චමරිට කිසිඳු ලංසුවක් ඉදිරිපත් නොවිණි.