නෙළුම් කුලුනෙන් බිමට පනින්න ඔබට දැන් අවසර

නෙළුම් කුලුනේ විසි නවවැනි මහලේ අඩි 256ක් ඉහළ සිට පහළට පැනීමේ ගෝ බන්ජි (Go Bungy) නමැති ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරතවීමේ අවස්ථාව ලබන අප්‍රේල් මාසයේ සිට ලාංකිකයන්ට ද හිමිවන බව නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

ගෝ බන්ජි ක්‍රීඩාව පිළිබඳ මනා පළපුරුද්දක් සහිත ජපානයේ සමාගමක් සමග එක්ව මෙම කාර්ය සිදු කරන බවද නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පවසයි.

මෙරට ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබෙන ගොඩනැගිල්ලක ඉහළ තට්ටුවක සිට පහළට පැනීමේ උසම පිම්ම, නෙළුම් කුලුනෙන් පැනීම බවද එම සමාගම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *