කුරුණෑගල ප්‍රදේශයේ පාසලක හතරවන පංතියේ සිසුන් පිරිසක් ජංගම දුරකථන මගින් අසභ්‍ය චිත්‍රපට නරඹන බවට පන්තිභාර ගුරුවරිය විසින් ඔවුන්ගේ දෙමාපියන්ට දැනුම් දී තිබේ.
නමුත් දෙමාපියන් විසින් එම ගුරුවරියගේ දැනුම් දීම ප්‍රතික්ෂේප කර ඇත.
වැඩිදුර පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ මාර්ගගත ක්‍රම ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එක් සිසුවකු මෙම අන්තර්ජාල අඩවියට පිවිස ඒවා නැරඹීමට පුරුදු වී ඇති බවයි.
පසුව තම තුරන් පිරිසකටද අදාල ලිපිනය යැවීමෙන් පසු ඔවුන් ද මෙම අඩවියට පිවිසීමට පුරුදු වී ඇත.
මේ බව පන්තිභාර ගුරුවරිය දැනගෙන දෙමාපියන්ට දන්වා ඇතත් ඔවුන් දෙමාපියන් ගුරුවරියගේ දැනුම් දීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වෙයි.