සමලිංගිකත්වයට දඬුවම් දීම අවසන් කරන්න – යෝජනාව එයි

සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සළකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා වෙත එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් කර ඇත.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පතින් පහත යෝජනාවන් සිදු කරන්න තිබේ.

ප්‍රධාන ප්‍රඥප්තිය 365 වගන්තියේ “යම් පුරුෂයෙකු, ස්ත්‍රියක හෝ යන වචන ඉවත් කර එම වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.”

ප්‍රධාන ප්‍රඥප්තිය 365 අ වගන්තියේ ” ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ වෙනත් තැනැත්තෙකු සමඟ, ” යන වචන වලට පසුව “පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අයත් පරිවේශන යටතේ, එනම් : –

අ. ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත නොමැතිව :

ආ. අනෙක් තැනැත්තා වයස අවුරුදු 16ට අඩු තැනැත්තකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව:

ඇ. ඒ අනෙක් තැනැත්තා නීත්‍යාණුකූල හෝ නීති විරෝධී ලෙස රඳවා ගෙන සිටියදී බලහත්කාරය පාවිච්චි කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ රඳවා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරන බය හෝ තුවාල සිදු කිරීමේ බය ඇති කිරීමෙන් හෝ ඒ අනෙක් තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබා ගත් කැමැත්ත ඇතිව :

ඈ. අනෙක් තැනැත්තා සිහි විකලව සිටියදී හෝ මධ්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් තැනැත්තා සිටියදී ඒ තැනැත්තාගෙන් ලබා ගත් කැමැත්ත ඇතිව ” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කිරීම.

ලිංගික දිශානතිය නෛතික වරදක් ලෙස සලකන ප්‍රතිපාදනද සංශෝධනය කිරීමට මෙම පනත යෝජනා කරයි.

WhatsApp Image 2023 12 11 at 16.06.30 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *