බුදු දහමට අපහාස කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම චීවරධාරිය කලගෙඩිහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙකි.

සැකකාර චීවරධාරියා හෙට (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *