භික්‍ෂුවක් වාහනවලට පැන මුදල් ඉල්ලයි – නොදෙන අයට බනියි

රත්නපුර නගරය ආසන්නයේ ප‍්‍රධාන මාර්ගවල සිටින භික්ෂුවක් විසින් එම මාර්ගවල යන වාහන නවතා මුදල් ඉල්ලා සිටීමේ තොරතුරක් වාර්තා වෙයි.

රත්නපුර පානදුර, රත්නපුර කොළඹ සහ රත්නපුර බදුල්ල මාර්ගවල යන වාහන වලට අත දමා ඒවා නවතා දානය වැළඳීම සඳහා මුදල් ඉල්ලීමට මෙම භික්‍ෂුව කටයුතු කරමින් සිටී.

එම භික්‍ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයක් හෝ වෙනත් ස්ථානයක් ප්‍රදේශවාසීන් කිසිවෙකුට අදහසක් නැත.

මුදල් නොදෙන රියදුරන්ට අසභ්‍ය වචනයෙන් බැන වදීමටද මෙම භික්‍ෂුව කටයුතු කරයි.

ඇතැම් අවස්ථාවල රත්නපුර නගර මධ්‍යයේ ද මෙම හිමියන් දැකගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *