අනුරාධපුර තිරප්පනේ වැවක සිටි අග්බෝ ඇතාගේ පිටේ යාමට උත්සාහ කල තරුණයෙකුට ඇතා විසින් පා පහරක් එල්ල කිරීමෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ.
ඇතාගේ පිටේ යමේ අරමුණින් ඇතා ළඟට බීමතින් ගිය මෙම තරුණයා විසින් විසිකර දැමීමෙන් පසු සුළු තුවාල ලබා මෙසේ රෝහල්ගත කර ඇත.
අග්බෝ ඇතා කණුමුල්ලේගම වැවට බැස සිටි අවස්ථාවේ ඔහු ඇතා ළඟට ගොස් හොඩය යටට ගියද කිසිදු ප්‍රහාරයක් එල්ල කර නැත.
හොඬවැල යටටම අවස්ථා දෙකකදී ගොස් ඇති මෙම බීමත් තරුණයා ඇතා තමන් සමග මිත්‍ර වී ඇතැයි පවසමින් ප‍්‍රදේශවාසීන්ගේ විරෝධය මැදි ඇතාගේ පිටට නැගීමට උත්සාහ කර තිබේ.
ඇතාගේ වල්ගේ එල්ලී පිටට නැගීමට සූදානම් වූ විට ඇති විසින් ඔහු විසිකර දැමීමෙන් මෙසේ තුවාල වී ඇත.