පාසල් උපකරණ මිල දෙගුණයකින් ඉහළට

18% දක්වා වැට් බදු ඉහළ යාම මත ජනවාරි මාසයේ සිට පාසල් උපකරණ මිල පවතින මිලට සාපේක්ෂව දෙගුණයකින් මිල ඉහළ යාමට හැකි බව පොත් හල් හිමියන් පවසයි.

ආනයනික ඇතැම් පාසල් උපකරණ මිළ කොපමණ අගයකින් ඉහළ යා දැන් පැවසිය නොහැකි බවත් එන වසරට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ මේ වසර අවසන් වීමට පෙර මිලදී ගැනීම වඩා සුදුසු බව ඔවුන් පෙන්වා දෙති.

මේ වනවිටත් පාසල් උපකරණ මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළගොස් ඇතිබව දරුවන්ගේ දෙමාපියන් පවසති.

පසුගිය මාසයේ පැවති මිලට වඩා සෑම පාසල් උපකරණ වල මිල රුපියල් 05-15 අතර මිලකින් දැනටමත් ඉහළගොස් ඇතිබවටත් ඔවුන් කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *