බදාදා අළුයම එංගලන්තයේ නොටිංහැම් හීදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මෙරට ජීවත් වූ ශ්‍රි ලාංකිකයෙකු වන ඕෂධ ජයසුන්දර නැමති තරුණයෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරනවා. එංගලන්තයේ පොලීසිය විසින් මෝටර් රථයක් ලුහුබඳිමින් සිටින අවස්ථාවක පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයක ගැටී, පදිකයෙකු ලෙස ගමන් කල මොහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බදාදා අලුයම නොටිංහැම් නගර මධ්‍යයේදී සිදුවූ මෙම අණතුරින් 31 හැවිරිදි ඖෂධ එම ස්ථානයේදීම මියගිය බව ප්‍රකාශ කරන පොලිසිය ගිලන් රථ සේවාව මගින් ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදුන්නද එහි ප්රථිඵලයක් නොවූ බව සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් 27 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විටත් අත්තඩංගුවට ගෙන ඇති අතර අණතුරු දායක ලෙස රිය ධාවනය කර මරණයක් සිදුකිරීම හා පොලීසියට සහයෝගය නොදැක්වීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනුකර ඇත. අනතුර සිදුවූ ප්‍රදේශයේ ශිෂ්‍යයන් රැසක් ජීවත් වන සහ සමාජ ශාලා බහුල ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශය සෑම විටම ඉතා කාර්‍ය්බහුල බව පොලිසිය ප්‍රකාශ කරනවා.
අනතුර සම්බන්ධයෙන් බොහෝ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත්ව ඇති බව සඳහන් කරන පොලීසිය ඒ සම්බන්ධයෙන් කුමන හෝ ආකාරයේ වීඩියෝ දර්ශන තිබේ නම් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනවා. මියගිය ඕෂධ ජයසුන්දර අධ්‍යාපනය සඳහා මෑතකදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ බව සැලකෙන අතර ඔහුට නිවන් සුවය ලැබේවායි අපගේ ප්‍රාර්ථනය වේ.