ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසනවා.
ඒ අනුව පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක්වීම හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවත් ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800 ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනම් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එම සියලු සැපයුම්කරුවන් සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.