අගමැති කාර්යාලයට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම 71%ක් අඩු කර ඇති බව අද (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අගමැති ආචාර්ය හරිනි අමරසූරිය වෙත යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරකිනි.
අගමැති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ වාහනවල මාසික ඉන්ධන වියදම මිලියන 3.4සිට මිලියන 01 දක්වා අඩු කර ඇති බව ඇය එහිදී සඳහන් කළ අතර ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 71%ක වියදම් අඩු කිරීමකි.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පැමිණීමට පෙර අගමැති වෙනුවෙන් වෙඩි නොවදින වාහන ඇතුළු විශාල වාහන සංචිතයක් තිබූ බවත් තමන් මේ වනවිට භාවිතා කරන්නේ පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් බවත් අගමැති වාහන සංචිතයේ ඇති විශාල වියදම් සහිත වාහනවලින් පරිසරයටත් ආර්ථිකයටත් දැරිය හැකි මට්ටමේ වාහනයක් සොයාගැනීම දුෂ්කර කාර්යයක් වූ බවද ඇය සඳහන් කරයි.