රට පුරාම තණකොළ හා පිදුරු මිටි එල්ලයි

පොදු ජන පෙරමුණේ මහ සම්මේලනයට අදාළව රට පුරා ඔසාවා තිබූ කොඩි කණුවල තණකොළ හා පිදුරු මිටි බැඳ එල්ලා ඇති බව වාර්තා වේ.

පොදු ජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද (15)දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

ද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවීමට නියමිතව ඇත.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *