අද සිට හාල් සැමන් , අල, කිරිපිටි මිල පහළ දමයි


ලංකා සතොස මඟින් අලෙවි කරනු ලබන භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් අද (15) දිනයේ සිට මිල පහත දමා තිබේ.

මෙම මිල පහත දැමීම යටතේ,

රතු සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 15.00 කින්,

ආනයනික ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 55.00 කින්,

ආනයනික ටින් මාලු ග්‍රෑම් 155 රුපියල් 10.00 කින්,

දේශීය ටින් මාලු ග්‍රෑම් 425 රුපියල් 20.00 කින්,

දේශීය අල කිලෝවක් රුපියල් 15.00 කින්,

ආනයනික අල කිලෝවක් රුපියල් 15.00 කින්,

ලංකා සතොස කිරිපිටි (ග්‍රෑම් 400) රුපියල් 10.00 කින්,

කඩල කිලෝවක් රුපියල් 5.00 කින් මිල අඩුකර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම සීනි කිලෝවක් රුපියල් 275.00 කට සහ බී ලූනු කිලෝවක් රුපියල් 400.00 කටත් මිල දී ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කර ඇත.

මෙම මි අඩු කිරීම අද (15) දිනයේ සිට දෙසැම්බර් 31 වනදා දක්වා ක්‍රියාත්මකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *