දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කරයි

දිවයිනම ආවරණය වන පරිදි අද (27) දිනය වන විට වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා

ඒ දිවයින පුරා ක්‍රියාත්මක ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩා තුළ ගබඩා කිරීමටයි රජය විසින් සැලසුම් කර ඇත්තේ

යුද්ධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ගබඩා භාවිතයට සුදුසු අයුරින් පිරිසිදු කිරීම් කර යථාතත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දී තිබෙනවා

මෙම වැඩසටහන කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 15 ක් තුළ ක්‍රියාත්මක වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *