ග්‍රාමීය ව්‍යවසායකයන්ට කෝටි දෙක හමාරක ණයක් – රජය කියයි

ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති ආරම්භ කරන අයට රුපියල් කෝටි දෙකහමාරකට අඩු ණයක් ලබා දීමට රජය කටයුතු කරයි.

එය සහන පොලියක් යටතේ ක්‍රියාත්මක වේ.

එය රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් ලෙස සකස් කරනු ලැබේ.

ඒ අනුව අදාළ ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශය අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ලබා දීමේ ක්‍රමවේදය සැලසුම් කර ඇත.

නව ගොවිපළවල හිමිකාරිත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට මෙමගින් අවස්ථාව ලැබෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඔසවා තැබීමට ඒ අනුව රජය සැලසුම් කර ඇත.

කුඩා කාන්තා සමිති එක්කර වී මෝල් ඉදිකිරීමටත් ආර්ථිකය සඳහා අලුතෙන් ප්‍රවිෂ්ට වන අයට ඉහත සඳහන් පරිදි රාජ්‍ය බැංකුවක් සමග ඒකාබද්ධ වී අදාළ සංවර්ධන ණය යෝජනා ක්‍රමය සකස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *