සජබ මන්ත්‍රීලා අඩු මිලට පාර්ලිමේන්තුවෙන් කෑම ඉල්ලයි

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාරපාන නිර්දේශ කර ඇති මිල ගණන් වලට නොවටිනා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා,

ඒ අනුව ආහාර වල මිල ගණන් අඩු කළ යුතු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ.

පෞද්ගලික රුපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගී වෙමින් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

”දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් දවල් කෑම කනවා නම් රුපියල් 300 ක් අය කරනවා, දැන් ආණ්ඩුව යෝජනා කර තිබෙනවා 1200ක් වගේ ප්‍රමාණයක් දාන්න. මගේ පුද්ගලික හැගීම නම්, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබෙන බුෆේ එක රුපියල් 1200ක් වටින්නේ නැහැ.
මගේ පෞද්ගලික හැඟීම අනුව රුපියල් 700ක් 800ක් වගේ ප්‍රමාණයකට නම් ඒක වටිනවා” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මේවන විට රුපියල් 300කට ලබා දෙන දහවල් ආහාර වේලක් රුපියල් 1200 දක්වා ද, රුපියල් 100කට ලබාදෙන උදැසන ආහාරවේල රුපියල් 600 දක්වා ද, රුපියල් 50කට ලබා දුන් කිරි තේකක් රුපියල් 200 දක්වා ද මිල ඉහළ දැමීමට අලුතින් නිර්දේශ කර තිබෙනවා.

මෙයට වසර ගණනාවකට පෙර ඉතාමත් අඩු මුදලකට මන්ත්‍රීවරුන් සඳහා ලබාදුන් ආහාරවල මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහල දැමීමට එවකට සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් යෝජනාවක් සම්මත කළ අතර වර්තමානයේදීද ආපන ශාලා මිලගණන් හා සසඳන විට ඉතාමත් සුළු මුදලකට මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන ආහාරපාන පිරිවැය ආවරණය කරන මිලක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *