දිවයින පුරා විස මත්ද්‍රව්‍ය බෙදා හදනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා අද (15) පැවසීය.
දිවයින පුරා විසි වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ බව තල්දුව මහතා පැවසීය.
සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ භාර නිලධාරියෙකුටම විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන් පිළිබඳ තොරතුරු එම දුරකථන අංකයට ලබාදීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම දුරකථන මගින් තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය තහවුරු නොවන අතර රහස්‍යභාවය උපරිම අයුරින් සුරකින බවත් ජනතාවගේ සහාය පොලිසියට අවශ්‍ය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.