ජනතාවගේ ඉල්ලීම එය නම් , මා ජනපති සටනට එනවා – රොෂාන් රණසිංහ

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා රටේ ජනතාව තමාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසයි.

මහනුවරදී අද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේය.

හිටපු අමාත්‍යවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි මෙන්ම එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. නාහිමිවරු දෙපළ මෙහිදී කියා සිටියේ අද සෑම තැනකම වංචාව දූෂණය රජයන බවයි.

ඔහු කියාසිටියේ වර්තමානය වන විට මෙරට සෑම අස්සක් මුල්ලක් නෑරම අඩු වැඩි වශයෙන් වංචා දූෂණ සිදු වන බවයි.

එම වංචා දූෂණ පෙන්වා දෙන ඊට එරෙහිව සටන් කරන සියලු දෙනාගේ බෙල්ල කැපී යන බවයි ඔහු සඳහන් කළේය.

නමුත් තමාගේ සටන ජනතාව වෙනුවෙන් දිගටම රැගෙන යන අතර ක්‍රිකට් දූෂිතයන්ගෙන් රට බේරා ගැනීම ඉදිරි ජනපතිවරණයේදී හෝ සිදුකරන බවත් රටේ වංචා දූෂණ අහෝසි කිරීම තමාට සිදු කළ හැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *