විමල් වීරවංශ සහ ඔහුගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇතුළුව, රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන වීරවංශ කදවුරේ සැකකරුවන්ට එරෙහිව ගත යුතු ඉදිරි පියවර පිළිබදව උපදෙස් ලබා දෙන ලෙස, කොටුව මහේස්ත්‍රාත් ලංකා නිලුපුලී මහත්මිය විසින් නීතිපතිවරයා වෙත සිහි කැදවීමක් යොමු කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමය ත-ුළ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතා කර තිබෙන බවට, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ඔහුගේ සහෝදරයා වන සරත් වීරවංශ, මොහොමඩ් මුසම්මිල් සහ ජයන්ත සමරවීර යන අයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.