දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.