ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ඉෂාදි අමන්දාට

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ. 

එමෙන්ම මෙවර ලෝක විවාහක රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ Tshego Gaelae කිරුළු පැළඳීය.

එමෙන්ම තායිලන්තයේ Ploy Panperm දෙවන අනුශූරිය ලෙසින් තේරීපත්ව තිබේ.

ඉෂාදි අමන්දා පසුගිය මාසයේ කොළඹ දී පැවති විවාහක රූ රැජින තරගයේදී මෙරට විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැළදුවාය.

ඒ හේතුවෙන් ඇයට ලෝක විවාහර රූ රැජිත තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැඳීම සඳහා අවස්ථාව උදාවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *