මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ හෙළි කරයි

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

පිළිකා වලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *