අවුරුදු 18ට අඩු දරුවන් 200 දෙනකු පමණ පසුගිය වසරේ (2024) සියදිවි නසාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති කපිල ජයරත්න මහතා පැවසීය.
2023 වර්ෂයේ දී දරුවන් 133 දෙනකු සියදිවි නසාගෙන ඇතැයි ද ඒ මහතා කීය.
ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ළමයින් දිවිනසා ගැනීමට බෙහෙවින් බලපා ඇතැයිද හෙතෙම කියා සිටියේය.
දරුවන් සියදිවි නසා ගැනීමෙන් මුදාගැනීමට සමාජයේ කථිකාවතක් ගොඩනැඟිය යුතු බවද ඒ මහතා කීය.
දරුවන් මේ තත්ත්වයෙන් මුදාගැනීමට සමාජ මාධ්‍ය සීමා කිරීම වැදගත් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
කොළඹ වෛද්‍ය සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.