පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ආණ්ඩුව තුල සිටින බැවින් වෙනත් පුගලයන් පිට වරදා පටවා සැබෑ වගකිව යුත්තන් බේරා ගැනීමේ උවමනාවක් ආණ්ඩුවට තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
එහිදී හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ත් ඉන්පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත් අත්අඩංගුවට ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙන බවද ඔහු පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සදහන් කර සිටියේ අද (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.