රිය පෙරහර කරමින් අම්පාරේ සියලු ජාතීන් එක්ව ජාතික නිදහස් දිනය සමරයි

හැත්තෑ හත්වන ජාතික නිදහස් දිනයට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයක සිංහල, දමිළ, මුස්ලිම්, ජාතීන් එකට එක් වෙමින්, තම සංස්කෘතීන් එකම භූමියක විදහා දක්වමින් නිදහස් උත්සවය සැමරීමට කටයුතු කර තිබිණි.

අම්පාර නින්තවූර් කාශිෆුල් උළුම් අරාබි විද්‍යාලයේදී ද නිදහස් දිනයට සමගාමීව උත්සවයක් සංවිධානය කර තිබූ අතර එය, නින්තවූර් ප්‍රාදේශීය ලේකම් අබ්දුල් ලතිෆ්, පල්ලියේ සභාපති එම්.අයි.රසීන්, නින්තවූර් පොලිස් ස්ථානාධිපති නජීබ් අන්සවර්, සහ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

සමන්තුරේ අල් හමීරා විද්‍යාලයේදී පැවැති ජාතික නිදහස් උත්වේදී ශිෂ්‍යත්ව සමත් ළමුන් 100 දෙනෙකු සඳහා සහතික පත් ලබා දීමත්, ඉන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කෙරිණි.

1 5 17 Iri News
අක්කරෙයිපත්තු ඔරලෝසු කණුව සරසා ඇති අයුරු…

අම්පාර අක්කරේපත්තු, මහජුම්මා පල්ලියේද ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා, නගරය ජාතික කොඩි වලින් සැරසීමට කටයුතු කළ අතර, මුස්ලිම් වැසියන් පිරිසක් විසින් අම්පාර අක්කරේපත්තු, මහජුම්මා පල්ලියේද ශ්‍රී ලංකා ජාතික කොඩිය ඔසවා, නගරය ජාතික කොඩි වලින් සැරසීමට කටයුතු කළ අතර, මුස්ලිම් වැසියන් පිරිසක් විසින් අක්කරේපත්තු ඔරලෝසුව කනුව ඇතුළු ඒ අවට ජාතික කොඩි වලින් සැරසීමට කටයුතු කළහ.ඇතුළු ඒ අවට ජාතික කොඩි වලින් සැරසීමට කටයුතු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *