කොලොන්නාව ගංවතුර ගැටළුවට අදාල ක්‍රියාමාර්ග ගන්න – අගමැති හරිනි උපදෙස් දෙයි

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අද පැවැත්විණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු ද සහභාගී වූහ.

කොළොන්නාව ගංවතුර වැළැක්වීමේ කමිටු වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරිය මීලඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *