පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අද සිට කෑම ගන්න වෙන්නේ රුපියල් 2000ක් ගෙවලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතුවේ.

රුපියල් 450 ක්ව පැවති අදාළ ගාස්තුව පසුගිය දා වැඩි කළේ, පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ගත් තීරණයකට අනුවයි.

යෝජනාව ඉදිරිපත් වූයේ ආණ්ඩු පක්ෂයෙනි.

ඒ අනුව උදෑසන ආහාර වේල රුපියල් 600කටත්, දහවල් ආහාර වේල රුපියල් 1200 කටත්, සවස තේ රුපියල් 200 කටත් ලබාදිය යුතු බවට තීරණය කෙරුණි.

පසුගිය පළමුවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගනු ලැබුවද ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස් වන්නේ අද දිනයේයි.

මේ අතර විදේශ විනිමය පාලන පනත යටතේ නියෝගයක් හා ආනයන අපනයන පාලන පනන යටතේ නියෝග දෙකක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *