වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය, නීතිය මෙන්ම මහජන ධනය මංකොල්ලකන ලද පිරිස්වලට නීතිය අනුව කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ අනුව රිලව්න් සම්බන්ධයෙන් සාකච්ඡාව එකවරම නැතිවූයේ විපක්ෂයට මාතෘකා නොමැති නිසා මාතෘකා නිර්මාණය කර ගැනීම නිසා බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුව තුන් හතරදෙනෙක් සතුව තිබූ සහල් ඒකාධිකාරය අවසන් කිරීමට සමත්ව ඇති බවත් ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් දැන් හිමිවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විපක්ෂය මේ වන විට ආණ්ඩුවට චෝදනා කරන්නේ ඔවුන් බලයේ සිටින කාලයේ නිවැරදිව කටයුතු කළ ආකාරයෙන් බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ කළේ.