අඩුවට තෙල් සහ ගෑස් ගන්න සාකච්ඡා කරන්න ජනපති අනුර ලබන සතියේ එක්සත් අරාබී එමීර් රාජ්‍යට

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරතවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය පවසා සිටියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන බවයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ‘2025 ලෝක රාජ්‍ය සමුළුව’ ඇමතීමටද නියමිතව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *