වී මිලදී ගැනීමට වසර ගණනකට පසුව අද සිට රජයේ තොග ගබඩා විවෘත කරයි

වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ වනවිට ගොයම් කැපෙන ප්‍රදේශවන කිලිනොච්චි, මඩකලපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තොග ගබඩා විවෘත කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 05ක් වෙන්කර ඇති බව සභාපතිවරයා පැවසුවේ ය.

ඒ අනුව ඊයේ(05) ප්‍රකාශයට පත් කළ සහතික මිලට වී මිලදී ගැනීම සිදු වනු ඇති.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක් ලෙසත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් ලෙසත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132ක් ලෙසත් ආණ්ඩුව වී සඳහා මිල නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *