අරගලය සමයේ දී දේපළ විනාශ වූ මැතිඇමතිවරු, ඔවුන්ගේ එම විනාශ වූ දේපළ සදහා ලබා ගෙන තිබෙන වන්දි මුදල් පිළිබදව, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කර සිටියේ ය.
ඒ අනුව, ඉතා දැවැන්ත වන්දි මුදලක්, එම මැතිඇමතිවරු ලබාගෙන තිබුණි.
ඔවුන් ලබාගෙන තිබෙන වන්දි මුදල, එම මැතිඇමතිවරු ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී මේදී සපයා තිබෙන තොරතුරු හා සැසදෙන්නේ ද යන්න පිළිබදව විමර්ශනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එසේම, මැති ඇමතිවරු, ඉහළ වටිනාකමක් තිබුණු ඔවුන්ගේ එම දේපළ රක්ෂණය කර තිබුනේද නැද්ද යන්න පිළිබදවද සොයා බැලීමට නියමිත ය.
එම දේපළ රක්ෂණය කර නොතිබුනානම්, එම දේපළවල සැබෑ හිමිකාරීත්වය හෙළිදරව් වීම වැලැක්වීම සදහා එසේ කර තිබුනාද යන්න පිළිබදවද විමර්ශනයේ දී සෙවීමට නියමිතය.
මේ බව වාර්තා කර තිබෙන්නේ ඉරිදා මව්බිම පුවත්පතයි.