ජුනි 30 වෙද්දි මෙරටින් පාතලය – මත්ද්‍රව්‍ය අවසන් කරන මෙහෙයුම ඇරඹෙයි

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අද (16) අම්බලන්ගොඩ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

“මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *