කොළඹ ප්‍රධාන පද්ධතියේ අසමතුලිතතාවයෙන් විදුලිය බිද වැටුණු බව අනාවරණය වෙයි


දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාශ ලේකම්වරයා සඳහන්කර සිටියේ.

කොළඹ ප්‍රධාන පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවී තිබෙනවා.

එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන්කර සිටියේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *