අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්රාගාරය, බියගම සහ සපුගස්කන්ද ඇතුළු ප්රධාන ප්රදේශ සහ ආයතන කිහිපයකට විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කළ බවයි බලශක්ති අමාත්යංශය සඳහන් කළේ.