අලුතෙන් විවාහ වන යුවලකට ගෙයක් හදාගන්න ණයක් දෙන්න ව්‍යාපෘතියක් එයි

අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන ,ඉදිකිරිම් හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, නියමු ව්‍යාපෘතියක් ලෙසට එම නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කරන බවයි.

නිවාසයක් තනාගැනීම සඳහා ලබාදෙන මුදල පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

රැකියාවක් නොමැති අයට එම නිවාස ණය ලබාදීමට නියමිත අතර රාජ්‍ය බැංකු මගින් අදාළ ණය මුදල ලබාදීමට නියමිතයි.

ලබාදෙන ණය මුදල ගෙවා දැමීමට හැකි අය තෝරාගෙන ණය මුදල ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *