පසුගිය රජය සමයේ අතරමැද නවතා දැමුණු ව්‍යාපෘති නිම කිරීමට තීරණය කරයි

පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන බල ප්‍රදේශ මට්ටමින් එවැනි ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

පාලම්, බෝක්කු මෙන්ම ග්‍රාමීය මංමාවත් රැසක් ඒ අතරට ඇතුළත් වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ඉදිකිරීම් නිසි සැලසුමකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ඒවා සඳහා මුදල් යෙදවීමේදී ගැටලු පැන නැගී ඇති බවයි.

ව්‍යපෘති අවසන් නොකිරීම හේතුවෙන් ඉන් ප්‍රතිලාභ ලැබීමට නියමිතව සිටි ජනාතව පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයකටයි.

මේ පිළිබඳ සලසා බලා එළඹෙන අයවැයෙන් අතරමග නතර කර ඇති එම ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමට බලධාරීන්ට උපදෙස් දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *