එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කෙළින්ම ඉන්ධන මිලදී ගැනීමට සාකච්ඡා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයේ නිරත ජනාධිපති අනුර කු-මාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම එරට රජය සමග තෙල් මිලදී ගැනීමට අදාලව සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිලදී ගනු ලබන්නේ තෙවන පාර්ශ්ව හරහා යි. එසේ නොමැතිව, රාජ්‍ය දෙක අතර ගොඩනගා ගන්නා සෘජු සම්බන්ධතා හරහා ඉන්ධන මිලදී ගන්නේ නම්, එය වඩාත් වාසිදායක වනු ඇති බව ගණන් බලා තිබේ.

මීට පෙර පැවති රජයන්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණු නමුත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට උනන්දුවක් දක්වා නැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *