මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක පවසනවා.
එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.