බිත්තර සහ කුකුළු මස් මිල සිල්ලර වෙළෙඳපොලේ මිල පහළ ගොස් තිබේ.
කුකුලන් ආශ්රිත නිෂ්පාදන ව්‍යාපාරිකයින් පැවසුවේ, බිත්තරයක මිල රුපියල් 30ට වඩා පහළ මට්ටමක පවතින බවයි.
සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750 ත් 850 ත් අතර මිල පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
කුකුළු මස් සෙසු සිල්ලර වෙළෙඳසැල්වල රුපියල් 900ක් දක්වා පහත වැටී ඇති බව කියන කුකුලන් ආශ්රිත නිෂ්පාදකයෝ සම රහිත කුකුල් මස් රුපියල් 1,000ත් 1,100ත් අතර මිලක පවතින බව ද සඳහන් කරයි.