පොහොර සහනාධාරය ලබා ගන්නේ නම් තම අස්වැන්නෙන් කොටසක් රජයට ලබා දීමට ගොවීන් බැඳී සිටින බවට නීතියක් සකස් කරන ලෙස යෝජනා වී ඇති බව විෂය භාර අමාත්‍ය කේ. ඩී ලාල් කාන්ත පවසනවා.
ඒ රජයේ වී සහතික මිල ප්‍රකාශයට පත් කර සතියක් ගත වූවත් තවමත් රජයේ වී ගබඩා වෙත වී අලෙවි කිරීම මන්දගාමීව පවතින පසුබිමකයි.