වසර ගණනාවකට පසුව මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් මාස 02කින් යළි ඇරඹෙයි

නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙන බව ඔහු සඳහන් කළේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ, කඩවත සිට මීරිගම දක්වා කොටසයි.

එම කොටසේ දිග කිලෝමීටර 37 කි.

එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම්, මේ වනවිට අවසන් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද කඩිනම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළ අතර ඔහු පැවසුවේ, 2026 වසර වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ, තුන්වැනි අදියරට අයති.එහි දිග, කිලෝමීටර 32.5 ක් වන අතර එම කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ, දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සහ දේශීය අරමුදල්වලින්.

එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 13.5ක දුරකින් සමන්විත පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස පළමුව ජනතා අයිතියට පත් කෙරෙන බව අනුරාධ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *