ව්‍යාජ ජාතික හැදුනුම්පත් ලබා දී හමුදා රෝහලෙන් බෙහෙත් ගත් ලැයිස්තුව ළගදීම එළියට

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන්ගේ ලයිස්තුව සහ අරගල සමයේ ගිනි තැබීමට ලක් වූ නිවාස සදහා අධික වන්දි මුදලක් ලබා ගත් දේශාපාලනඥයන්ගේ ලයිස්තුව මේ වන විටත් එළියට දමා තිබෙන අතර, තවත් එවැනිම ආන්දෝලනාත්මක නම් ලයිස්තුවක් නුදුරේදීම හෙළිදරව් කිරීමට නියමිත බව වාර්තා වේ.

පෙර අවස්ථා දෙකේදී මෙන්ම මෙවර ද මෙම හෙළිදරව් කිරීම සිදුකිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන නලින්ද ජයතිස්ස යි.

මෙවර ඔහු හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් ඖෂධ ලබා ගත් දේශපාලනඥයන්ගේ නම් ලයිස්තුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *