නාමල් රාජපක්ෂට තවත් නඩුවක් වැටෙයි – CID ය නිතීපති උපදෙස් ඉල්ලයි

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක්, නාමල් රාජපක්ෂට අයත් එන්.ආර්.කන්සල්ටන්සි නමැති ආයතනයේ ආයෝජනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වරදක් කර ඇති බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අගෝස්තු හත්වන දා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාල විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත්, මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බව නඩුව අද කැදවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණය දැනුම් දුන්නේ ය.

ඒ අනුව, නීතිපති උපදෙස් අගෝස්තු මස හත්වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන් මහේස්ත්‍රාත්, තනුජා ලක්මාලී මහත්මිය දැනුම් දුන්නා ය.

ලක්ෂ එකසිය පනහක මුදලක් අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් පනවා තිබෙන මෙම නඩුවේ සැකකරුවන් වන්නේ නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානී සමරනායක, සුජානී බෝගොල්ලාගම සහ සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *