හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ වතුර කපයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.

හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ අද දෙරණට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *