අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ මුදල් ගෙවා ලබා ගත හැකි සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහිදී මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කිරීමේ දී පසුගිය භීම සමයේ බියගම, බටලන්ද වධකාගාරය පවත්වාගෙන යාම සහ ඊට සම්බන්ධ වීම පිළිබඳ එවක ඇමැතිවරයෙකු සහ බියගම එජාප සංවිධායක වශයෙන් කටයුතු කළ රනිල් ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද, විමසා තිබෙන බව වාර්තා වේ.
මාධ්‍යවේදියා විසින් අසන ලද එම ප්‍රශ්නයෙන් මහත් කෝපයට පත් වූ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සාකච්ඡාව අතරමග වහා එම ස්ථානයෙන් ඉවත් වී තිබේ.