වී අස්වැන්නෙන් හතරෙන් එකක්වත් රජයේ වී ගඩාවලට දෙමු – ගොවිනායක පුංචිරාළ රත්නායක

මේ වන විට රජය වී ගබඩා විවෘත කර තිබෙන නිසාත්, වී ගබඩා අරින්නැයි රජයෙන් ඉල්ලා සිටියේත් ගොවියන්ම නිසාත්, මහ කන්නයේ වී අස්වැන්නෙන් හතරෙන් එකක ප්‍රමාණයක්වත් රජයේ වී ගබඩාවලට ලබා දීම ගොවියන්ගේ යුතුකම යැයි, ගොවි නායකයෙකු වන පුංචිරාළ රත්නායක මහතා පවසයි.

පුංචිරාළ රත්නායක මහතා, අනුරාධපුර මහවාරී ඒකාබද්ධ ගොවි සංධානයේ සභාපති ය.

වී අස්වැන්නෙන් කොටසක් රජයට නොදී, රජයේ වී ගබඩා නැවත වසා දමන තත්ත්වයක් උදා වුවහොත්, මහාපරිමාණ හාල්මෝල් කරුවන්ගේ මාෆියාවට යළිත් ගොවියාට ගොදුරුවීමට සිදුවනු ඇති බව ද ඔහු පවසයි.

රජය වී සදහා ලබා දී තිබෙන සහතික මිල ප්‍රමාණවත් යැයි කිව නොහැකි වුවත්, මේ මහ කන්නයට පමණක්වත් එම මිලට එකඟව රජයට වී ලබා දීමට ගොවියන් කටයුතු කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

සහල් මිල පාලනය කළ හැක්කේ රජය සතුව වී සංචිතයක් තිබුණොත් පමණක් බව පවසන ඒ මහතා, එසේ නොවුනහොත් අවසානයේ දී පාරිභෝගිකයා මෙන්ම ගොවියාද අමාරුවේ වැටී මෝල් හිමියා පමණක් ගොඩ යන තත්ත්වයක් උදා වනු ඇති බවට අනතුරු හගවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *