පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනතාව පෙළෙන ප්‍රශ්න ගැන රට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් විදුලි බිද වැටීම දිගටම සිදු වෙනවාද? දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙනවාද? යන ගැටලුවලට උත්තර අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය.Sri Lanka Latest News
මේ විදුලි බිද වැටීම් ගැන සභාවට අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරු දිසාපතිවරු පූල් එකට දමා දේශපාලන පළිගැනීම් කරන බවත් විදේශ ආයෝජකයෝ පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඉරිදාටත් විදුලිය විසන්දි විය හැකි බවට අවදානයක් ඇති බවත් සුර්ය බලශක්තියේ නිෂ්පාදනයට අනුව ඉල්ලුම නොතිබුනොත් විදුලි බිද වැටීමක් වන බවට අවදානමක් ඇති නිසා මේවට රජයෙන් ප්‍රකාශයක් ඇති බවත් නව කර්මාන්තශාලා විවෘත කර යම් අස්ථාවරභාවයක් නිර්මාණය නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් වදුරන්ට රිලවුන්ට වැරැද්ද බාර නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.