මත්ද්‍රව්‍ය සහ පාතාලය දඩයම් කරන යුක්තියේ මෙහෙයුමෙන් පළමු දිනයේදී 83ක් අල්ලයි

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම්  ක්‍රියාත්මක කළ පළමු දිනයේම  83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව ද අලස් මහතා කීය.

මෙම දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර කවර හෝ තරාතිරමක අයකුගේ බලපෑම්වලට යටත් නොවී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අලස් මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *